FOSS for all...

ශ්‍රි ලංකාව වැනි රට වල ICT සමාජගත කිරීම සඳහා FREE AND OPEN SOURCE SOFTWARE (FOSS)-නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය අනිවාර්ය විය යුතුය..

Friday, November 12, 2010

ලිනක්ස් (Linux) නැමති මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් කටයුතු කිරීම.....

1969 දී කෙන් තොම්සන්(Ken Thompson) , ඩෙනිස් රිචී (Dennis Ritchie) සහ පිරිස විසින් යුනික්ස් (Unix) නැමති මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළේය.යුනික්ස් හි පිටපත් නිකුතුන් පාදක කරගෙන පසුකාලීනව බීඑස්ඩී (BSD) ,සොලාරිස්(Solaris) ,MacOS  වැනි මෙහෙයුම් පද්ධති නිර්මාණය කෙරිණි.මීට අමතරවතම ඉගැන්වීම් කටයුතු පහසු කර ගැනීමට,යුනික්ස් හි සංකල්ප ආදර්ශ කරගෙන ඇන්ඩ්‍රෙව් ටනෙන්බම්(Andrew Tanenbaum) විසින් මිනික්ස්(Minix) නම් මෙහෙයුම් පද්ධතිය නිමාණය කළේය.
                                  හෙල්සින්කි සරසවියේ පරිඝණක විද්‍යාව හදාරමින් සිටි ලිනුස් ටොර්වල්ඩ්ස් (Linus Torvalds)පරිගණකයක් ලබා ගැනීමෙන් පසුව,මිනික්ස් භාවිත කරමින් සිටියේය.එයින් සෑහීමකට පත් නොවූ ඔහු තමාගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ආරම්භ කළේය.මෙම නිර්මාණය මිනික්ස් වලට සමානකම් දැක්වූවත් මිනික්ස් වලින් ගත් ක්‍රමලේඛන එහි අඩංගු කළේ නැත.මෙම නව මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් (Linux) ලෙසින් නම් කෙරිණි.පසුව මැසෙවුසෙට්ස්(Massachuset) හි නිදහස් පදනමෙහි(Free Software Foundation) නිර්මිත ග්නු (GNU) මෘදුකාංග අතුලත් කිරීමෙන් ලිනක්ස් ඉතා උසස් තත්ත්වයේ මෙහෙයුම් පද්ධතියක් බවට පත්විය.එම හේතුවෙන් මෙම මෙහෙයුම් පද්ධතිය ග්නු/ලිනක්ස්(GNU/Linux) යන නමද භාවිත කරයි.
                                    මුලසිටම ලිනක්ස් ක්‍රමලේඛන විවෘත සහ නිදහස් (open source) මෙහෙයුම් පද්ධතියක් ලෙස නිර්මාණය කෙරිණි.මුලදී සරසවිය තුළ මිතුරන් අතර පමණක් භාවිත කළ ග්නු/ලිනක්ස් (GNU/Linux) පසුව ලොව පුරා ප්‍රචලිත විය.ඒ සමග ම ලිනක්ස් තුළ පිහිටුවිය හැකි මෘදුකාංග නිර්මාණය ලොව පුරා නිර්මාණය වන්නට විය.එකිනෙකාගේ අවශයතා වලට  අනුව සැකසුණු මෙම මෘදුකාංග වර්තමානයේ වාණිජ මෘදුකාංග වලට තරඟකාරී ලෙස ඉදිරියට ඇදෙමින් පවතී.
                                    ලෝකයේ විවිද සමාගම් සහ සංගම් මෙම ක්‍රමලේඛන විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතිය හා අනුබද්ධිත මෘදුකාංග විවිද අවශයතාවලට ගැලපෙන පරිදි වෙනස්කම්වලට භාජනය කර,අන්තර්ජාලය හරහා හා සංයුක්ත තැටි ආකාරයට ලබාගැනීමට හැකිවන සේ මුදාහරිනු ලැබේ.මෙම මුදාහැරීම් අතර උබන්ටු,ඩේබියන්,රෙඩ් හැට්,සුසේ වනි මුදාහැරීම් බොහෝ ජනප්‍රිය වී ඇත.මෙම විවිධ මුදාහැරීම් සජීවී තැටි හා පිහිටුම් තටි යන දෙයාකාරයෙන් පවතී.සජීවී තැටි භාවිතයෙන්,පරිගණකයේ පිහිටුවීමකින් තොරව භාවිතා කරයි.ලිනක්ස් පරිගණකය තුළ පිහිටුවීමේදී ඉහත සඳහන් සියලුම මුදාහැරීම් වලදී මූලිකව ඒකාකාරී වේ.
                                    වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතියේ මෙන් නොව,ලිනක්ස් තුළ භාවිතාකිරීමට නිමාණය කළ විවිද අතුරු මුහුණත් පරස්ථිතීන් ඇත.මේ අතර Gnome , KDE3 , KDE4 , Enlightenment  පිළිවෙලට ජනප්‍රියතාවය අඩු වන ආකාරයට පෙළගැස්විය හක.අතීතයේ ලිනක්ස් භාවිතා කිරීම සාමාන‍ය පරිශීලකයන්ට තරමක් අපහසු වුවත්වර්තමානයේ එය බොහෝ පහසුවී ඇති බව නවකයින් වැඩි වශයෙන් නැඹුරුවීම තුළින්ම පැහැදිලි වේ.

Source  :  IT text book grade 10
E- Mail  :  nilupaarachchige@gmail.com

1 comment:

  1. open source need Sri Lnaka. so i think this blog will help to it

    ReplyDelete